හදේ කොතැනක හෝ හිඳී ඔබනිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැනවෙලා හස රෑනින්පෙළයි මා මුදා සුව දැහැනින්සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේමියෙන හිරු සේ ගිලී බිම් අඳුරේතලා මා සිත දවා ගිය ඔබදවයි මා සිතතනි වෙනා මොහොතේඋතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්සහස් සුවහස් පැතුම් බල මහිමෙන්ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්ඔබ මැකී යනු මතකෙන්
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
කුමාරදාස සපුතන්ත්‍රීගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් හමුවේ, සුනිල් එදිරිසිංහයන් ගයන 'හදේ කොතැනක හෝ හිඳී ඔබ' ගීතය ආදරවන්තයෙකු විසින් තම ආදරවන්තියට දුරු රටක සිට සෙනෙහෙබරව දක්වන විරහාත්මක හැඟුමන් ගොන්නක එකතුවක් යැයි කීම නිවැරදි ය.
මෙම ආදරවන්තයා තම ආදරවන්තියව බොහෝ කලෙකට පසුව දැක ඇත්තේ අහම්බෙනි. ඇයව නොදුටු මෙන් හැරී යන්නට සැරසුණත්, ඔහු නම කියා ඇයගේ ඇමතුම ඇසීමෙන් ඔහු මඳක් පසුබට වී ඇත. ඇයගේ අඬ ගැසුම ඔහුට සිහිනයකින් මෙන් ඇසී ඇත. රත් පැහැ ගැන්වූ හිරු බැස යන විටෙක, බිම් අඳුරේ වටපිටාව සැඟව යන්නාක් මෙන් ඔහුව අඳුරේ හොවා ඇය ඉවත්ව ගිය අයුරු ඔහු සිත නිතරම පසාරු කරයි. ඉන් හෙම්බත් වූ සිත සිය වරක් ඉකි ගසා හඬන්නට ඇත්තේ, ඔහු කාත් කවුරුත් නැති දුරු රටක තනි වූ මොහොතේ දී ය. ඇයගේ හදවත කොණෙහි තවමත් ඔහු සැඟව ඇත්දැයි ඔහුට වැටහුණි. ඔහු සිතුවේ ඇය ගැන වූ ප්‍රේමණීය හැඟුම් මිය යන්නට ඇතැයි කියාය. එනමුත් එම හැඟුම් සෙවනැල්ලකටත් එහාට ගමන් කර නැත. නින්දෙන් නොනින්දෙන් සිටි එම හැඟුම් ඇයගේ මඳහස් නැමැති රැසින් පිබිදී, මෙතෙක් කල් ඔහු ගෙවූ සුව දැහැනින් ඔහුව මුදවන්නට විය. එනමුත්, ඇය නැවත වෙන්වී යනු ඇතැයි ඔහු කියයි.
මේ මිනිත්තු කීපයෙන් පසුව එළඹ ඇත්තේ දිගු නිහැඬියාව - අඳුර - පාළුව සහ හිස්කම පමණෙකි. ඇයට පිදූ ඒ උතුම් පෙම පිළිගෙන, ඔහුත් ඇයත් එක්ව පැතූ ඒ සුවහසක් පැතුම් නාමයෙන් ඇය වෙන්ව යා යුතු බව ඔහු කියයි. ඔහුගේ නෙතෙහි තම ආදරවන්තිය වෙනුවෙන් නැඟුනු කඳුලැලි වියළී යන්නට මත්තෙන් ඔහුගේ මතකයෙන් මැකී යන ලෙසට ඇයට ඔහු ආයාචනය කරයි. අඳුරට - පාළුවට - තනිකමට සහ නිහඬතාවයට ඔහුට තම හද අරක්ගෙන සිටීමට එවිට හැකි වේයැයි ඔහුගේ අදහසයි.
සුනිල් එදිරිසිංහයන් විසින් ගයන්නට යෙදුණු විරහවේ වේදනාව සිතට කාවදින අයුරින් ගෙන ඒමට කුමාරදාස සපුතන්ත්‍රීන් විසින් යෙදූ වචන ඉතා පරිස්සම් සහගතය. ව්‍යංග ය. අර්ථ පූර්ණ ය. මෙහි එන භාවය එතරම්ම ශක්තිමත් ය. එක් සිද්ධියක් පාදක කොට සිතුවිලි සමුදායක් එක පිට එක නැග ගීයට නැඟීම ඉතාම අලංකාර ය. ගීය පුරාම වැගිරෙන්නේ අවිනිශ්චිතභාවය යි. ඇගේ මතකයන් ඇත්තේ හදේ කොතැනකද යන්න ඔහු නොදනියි. ඇගේ සිතිවිලි අවදි වන්නේ කවදා ද යන්න ඔහු කල්යල් බලයි. ඒ සියල්ල අවදි වන්නේ ද ඔහුගේ තනිකම ඔහුව තනිකරනා මොහොතේ දී ය. ඔහුගේ මෙම තනිවීම හුදෙකලාව පමණක්ම නොවන අතර එය විටෙක වන ඔහුගේ ආලයේ හැඟුම් උඩුදුවන දුර්වල අවස්ථාවක් යැයි සිහියට ගත හැකිය.
ප්‍රේමය නැමැති විරහවෙන් තැවුණු, කිසි මොහොතක අමතක කළ නොහෙන පෙමක් ඇති සියල්ලන්ගේම හද පෙළන හැඟුම්, පපුව පළා ලොවට පෙන්වන්නට ලියැවුණු මේ ගීය පන්හිඳෙන් ඔබට තිළිණ කරමි.
❤🔥
ReplyDelete💓💓
Delete❤️❤️❤️
ReplyDelete💓💓
Delete❤️
ReplyDelete💓💓
Delete❤️❤️
ReplyDelete💓💓
Delete❤️🥰
ReplyDelete💓💓
Delete🥺❤️
ReplyDelete💓💓
Delete