සීතල දිය පිරි සුනිල විලයි...ඒ විල මැද ඔබ සුවඳ මලයි...ගිමන් නිවාලන සුළං රැලක් වීඔබේ සිනා මට පවන් සලයි...අසරණ වී මා ජීවිත කතරේ...අන්ධකාරයේ සැරිසැරුවාඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්...උදාවෙලා මට අත වැනුවාදෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ...ඔබේ හදින් මා දෙස බැලුවාදෑසට නොපෙනෙන මා හද පතුලේ...සුන්දරතාවය ඔබ දුටුවාඔබේ කුසුම් ඔබ දෝතින් අරගෙන...
ආදරයෙන් මා වෙත පිදුවාඒ මොහොතෙම තව සිය දහසක් මල්...මා වටකර හැමතැනම පිපුණා
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මහගම සේකරයන් විසින් රචිත රෝහණ වීරසිංහයන්ගේ ගී තනුවකට අනුව සුනිල් එදිරිසිංහයන් ගායනා කළ සීතල දිය පිරි සුනිල විලයි 'දෑස නිසා' නම් චිත්‍රපටය සඳහා නිර්මාණය විය. සම්පූර්ණ චිත්‍රපටයම මෙම ගීතය තුළට ගෙන ඒමට තරම් සේකරයන් හසලයෙකු විය. ගීතය අසන්නාට එකවර ශ්‍රවණය වන අදහසකට එහා ගිය අලුත් ව්‍යංගයක් ලබාදීමට මෙම ගී පදයට හැකි විය. එය මෙසේ ය.
මිනිසුන් එකිනෙකා මිනිසුන්ව හඳුනාගත යුත්තේ එක් එක් මිනුම් දඬුවලින් නොව. හදවතිනි. එය ආදරයේ දී විශේෂ ය. ඒ නැතත් මිනිසුන් විසින් මිනිසුන්ව හදවතින්ම දකිනවා නම් බාහිර රූපය එතරම් වැදගත් දෙයක් නො වේ. සැබවින්ම එය එසේ වූවා නම් මේ ලෝකය කෙතරම් ලස්සන වේවි ද? කෙනෙක් තම ආදරවන්තියව මෙසේ දකිනවා නම්, ඇයව මේ ආකාරයෙන් දැනෙනවා නම් ආදරය කරන අයගේ නෙතුකැන් උණු කඳුළින් තෙත්වනවාට වඩා හැමදාමත් නොසිඳෙන සතුටු කඳුළින් තෙත් වේ.
නිල්වන් සීත ජලාසයක තනිව පිපෙන මලක හෝඩුවා රැසක් අනෙකාගේ සවනෙහි රැඳවීමට - කීමට සිටින එකම කෙනා සුළඟ යි. ඒ සුළග මඟින් ගෙනෙන මල් සුවඳ හාත්පස පරිසරය විචිත්‍රවත් කරයි. පරිසරයට නව අරුතක් ගෙනෙයි. එසේම එක් ආදරවන්තයෙක් දක්වන්නේ, ඔහුගේ ආදරවන්තිය නිසා ඔහුගේ සතුට උපදින බවයි. ඔහු තනිව සිටින හැම මොහොතෙම - ඔහුට ගිමන් දැනෙන හැම මොහොතෙම ගිමන් නිවන සුළං රැලක් සේ ඔහුගේ මුවගට සිනාවක් ගෙනෙන්නේ ඒ ආදරවන්තියගේ සිනහව බව ඔහු පවසයි. ඔහුගේ සියලු විඩාවට සිනහව ඔහුගේ ආදරවන්තිය යි.
අසරණ වී මා ජීවිත කතරේ...
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්...
උදාවෙලා මට අත වැනුවා
ඇතැම් ප්‍රශ්න හමුවේ අප අපෙන් ඈතට ගොස් ඇති බව අපටම හැඟේ. අප ජීවිතය අපගෙන් මිදී ඇති බව දැනේ. අතොරක් තෙරක් නොමැති කතරක තනි වී ඇතැයි දැනේ. එවැනි මොහොතක එම කතරට වහින වැස්සක් මෙන් කෙනෙක් අහඹු ලෙසින් අප ජීවිතයට පැමිණියහොත් - අපට නව ජීවයක් ලබා දුන්නොත් - එය කෙතරම් නැවුම් වේ ද? හෙටක් ගැන සිහින දැකීමක් ඒ තුළ ගැබ් වේ. එය කෙතරම් සාධාරණ ද? තමන්ට කුමන ප්‍රශ්නයක් - දුකක් පැමිණියහොත් එය නිවාලන්නට සිටින්නේ තම ආදරවන්තිය බව නිතැතින්ම මේ ආදරවන්තයා කියයි. ඔහුගේ අන්ධකාරයට එළිය ඇය යි.
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ...
සුන්දරතාවය ඔබ දුටුවා
තමන් යම් ප්‍රශ්නයක සිටිනවිට තමන්ට වට පිටාවේ තිබෙන සියල්ලක්ම ඝන අඳුරකි. ඒ මොහොතේ කිසිවක් දෙස බැලීම යම් අසීරුතාවක් ළඟාකර දේ. මෙහි ආදරවන්තයාට ද එසේ ය. නමුත් ඔහුගේ ප්‍රකාශනයට අනුව තම ආදරවන්තියට මොහු දෙස බැලීම තුළින් ඒ ගැටලුව දැකීමේ හැකියාව ඇත. විසඳාලිය නොහැකි ප්‍රශ්නයක අග-මුල සොයා ගැනීමටවත් බැරුව සිටින ඔහුට තම ආදරවන්තියගේ ආදරය නැමැති සෙනෙහස මතින් ගැටළු සියයක් වුවත් නිරාකරණය කර ගැනීමේ හැකියාව ඇති බව ඔහු කියයි. ඔහු තමන්ගේ හද තුළින් නොදකින දේ ඇය ඇයගේ නෙත් හරහා ඔහුගේ හදවතින් දකින බව ඔහු කියයි. මෙසේ තම සුන්දරත්වය තමා තුළින් නොදකින ඔහු වෙතින් ඇය ඔහුගේ සුන්දරත්වය දකින බව ඔහු කියයි. ඔහු ඇයටත් ඇය ඔහුටත් දක්වන ආදරය සෙනෙහස 'දෑසට නොපෙනෙන මා හද පතුලේ - සුන්දරතාවය ඔබ දුටුවා' යනුවෙන් සේකරයන් ව්‍යංග කර දක්වන්නට විය.
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්...
මා වටකර හැමතැනම පිපුණා
❤️❤️❤️❤️
ReplyDelete💗💗
Deleteහරිම ලස්සනයි ❤️
ReplyDeleteස්තුති 💖
Delete❤❤
ReplyDelete💓💓
Delete❤️
ReplyDelete💓💓
Delete♥️
ReplyDelete💓💓
Delete❤️❤️
ReplyDelete💓💓
Delete💓😍
ReplyDelete💓💓
Delete🥰❤️
ReplyDelete💓💓
Delete😍❤️
ReplyDelete💓💓
Delete